#1 ලංකාවේ අංක 1 ජොතිෂ්‍ය සේවය සහ මංගල සේවය !





පුරහද මංගල සේවය

ඔබගේ කේන්දරයට/ඔබට හරියටම ගැලපෙන සහකරු/සහකාරිය ඉක්මනින් සොයාගන්න දැන්ම ලියාපදිංචි වන්න..
ලියාපදිංචි වෙන්න ගිණුමට ඇතුලු වෙන්න

පුරහද ජොතිෂ්‍ය සේවය

අංග සම්පූර්ණ පොරොන්දම් පරීක්ෂාව ඇතුලු සියලුම ජොතිෂ්‍ය කටයුතු එකම තැනකින් පහසුවෙන් කරගන්න.ලංකාවේ හොදම ජොතිෂ්‍ය සේවය!
පොරොන්දම් පරීක්ෂාව(නොමිලේ) අංග සම්පූර්ණ පොරොන්දම් පරීක්ෂාව සියලු ජොතිෂ්‍ය සේවාවන්

පුරහද මංගල සේවයෙන් සාර්ථකවූ සම්බන්ධතා

51250+
850+
450+
370500+

ඔබගේ සහකරු/සහකාරිය සොයාගන්නා ආකාරය

දැන් පුරහද.lk වෙතින් ඔබට පහසුවෙන්ම ඔබට ගැලපෙන සහකරු/සහකාරිය එසැනින් සොයාගන්න පුලුවන්.
පහත පියවර අනුගමනය කරන්න.

  • පලමුව ඔබගේ ගිණුම සාදන්න.

    ඔබ අප සමග නව ගිණුමක් සෑදූ පසු ඔබට නොමිලේම තිබෙන මංගල දැන්වීම් බැලිය හැක..

  • ඔබට ගැලපුමක් සොයන්න

    ඔබට ගැලපෙන ආකාරයේ යෝජනාවක් අපගේ වෙබ් අඩවියේ ඇති "වැඩිදුර සෙවීම " භාවිතයෙන් සොයාගන්න.එම යොජනාව සමග ක්ෂණිකව පොරොන්දම් ගලපන්න.

  • විවාහ වෙන්න

    ඔබට ගැලපෙන ආකාරයේ යොජනා සමග දුරකථන අංකය මගින්,පණිවිඩ මගින් හෝ යෝජනාවක් යැවීම මගින් සම්බන්ද වෙන්න.

අපගේ මංගල සේවය

45,000 කට වැඩි නව මංගල යොජනා සහිත අප ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වසනීයම මංගල සේවයයි! අප අනෙකුත් මංගල සේවාවන්ගෙන් වෙනස් වන්නේ අපගේ නවීනතම ක්‍රමෝපායන් සහ නිරන්තරයෙන් යාවත්කාලීන වන පහසුකම් වලින් සන්නද්ධ වීම නිසයි. තවද අපගේ තිබෙන මංගල යොජනා සමග ඔබට පොරොන්දම් පරීක්ෂාව ක්ෂණිකව සිදුකල හැකි අතර අප විසින් නිවැරදි ජොතිෂ්‍යානුකූල ක්‍රමවේද උපයෝගී කරගනිමින් ඉතා ඉහල නිවරද්‍යතාවයකින් එය නිර්මාණය කර ඇත. තවද අපගේ අනෙකුත් නව විශේෂාංග නිසා සුවහසක් වූ ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ කාලය, ශ්‍රමය, ධනය ඉතිරි කර ගනිමින් ඉතා පහසුවෙන් සහකරුවෙකු හෝ සහකාරියක් සොයා ගැනීමට අවස්ථාව දැන් උදා වී ඇත. අප ඉතා ඉහලින් ඔබගේ පෞද්ගලිකත්වය සුරකිනු ලබන අතර අපගේ එකම බලාපොරොත්තුව ඔබට වඩාත්ම ගැලපෙන සහකරු/ සහකාරිය ඉක්මනින්,පහසුවෙන් සොයාදීමයි !අපේ සේවාව වරක් භාවිතා කර ඔබගේ ජයග්‍රාහී කතාව අපිට කියන්න!අදම එකතුවෙන්න!

නොමිලේ ලියාපදිංචි වෙන්න!

අපගේ ජෝතිෂ්‍ය සේවය

අපගේ "අංග සම්පූර්ණ පිටු 4 කින් යුත් පොරොන්දම් පරීක්ෂාව" අද ලාංකික වැඩිහිටියන් අතර සේම තරුණ පරම්පරාව අතරද ඉමහත් ජනප්‍රිය තාවයට පත් වී ඇත්තේ අප විසි පොරොන්දම් පරීක්ෂාව, අට පොරොන්දම් පරීක්ෂාව, සුදර්ශන චක්‍ර පරීක්ෂාව, දෙදෙනාගේ මහා දශා ගෙවීම, පාපංශ ගණනය හා විශේෂ විවාහ දෝෂ පරීක්ෂාව (අඟහරු දෝෂ, ශනි මංගල දෝෂය, විෂ කන්‍යා යෝගය, මාරක දෝෂ, නාශාංශක දෝෂ ) හා සියලු දෝෂ භංග ක්‍රම ඇතුලත්ව එය අංග සම්පූර්ණව හා ඔබට එය පහසුවෙන් ලබාගත හැකි අයුරින් සකස්කර ඇති නිසාවෙනි. තවද ඔබට අනෙකුත් සියලුම ජොතිෂ්‍ය කටයුතුද දැන් අපගෙන් ලබාගත හැක. !

අංග සම්පූර්ණ පොරොන්දම් පරීක්ෂාව ප්‍රවීණ ජොතිෂ්‍යවරයෙකුගේ සේවාව ලබාගැනීම

Our Recent Blogs

ආදරය හා විවාහය

May, 2022 bychathura

පරිනාමික මනෝවිද්‍යාවේ දී ලබාදෙන ආනන්දනීය පණිවිඩයක් ඇත. එනම් මානවයා හැඩගැසී ඇත්තේ පේ‍්‍රමයෙන් බැඳීමට බවයි. කුසගින්න යන ශාරීරික අවශ්‍යතාව පාදකව ඇත්තේද ප‍්‍රජනනයේදී අනාගත පරපුර හදා වඩන තුරු මෙලොව ජීවත්වන බව සහතික කර ලීමටය. පේ‍්‍රමයෙන් බැඳෙන දෙදෙනෙකු මුණගැසෙන විට ඔවුන්ගේ මස්තිශ්කයන් ආදරයෙන් බැඳෙන්න පටන්ගනී. දෙදෙනාගේ පෙරමෝණ (හැගීම් අවදිකරන රසායනික සංඥා) ඉතා ඉහළ මට්ටමකට එවිට පත් වේ. ඒ අනුව ඇති කරන අන්‍යෝන්‍ය ‘‘ජීවන සුවඳ’’ දෙනුවන් එකට ගැටීම, සිදුවීමට පටන් ගනී.

තව කියවන්න..
බඳින වයස දැනගන්න ඔබේ අතත් බලාගන්න

May, 2022 bychathura

හස්ත රේඛා පරීක්ෂාවේදී කෙනෙකු විවාහය සිදුවන වයස පිළිබඳව විමසූ විට මුලින්ම ස්ත්‍රී පුරුෂ භේදය අනුව ස්ත්‍රියක නම් වම් අතද පුරුෂයකු නම් දකුණු අතද තෝරා ගත යුතුය. අනතුරුව අතෙහි විවාහ රේඛාවක් පිහිටා ඇත්දැයි බැලිය යුතුය. මන්ද විවාහය සිදුවන වයස් සීමාව නිගමනය කිරීමට නම් අතෙහි විවාහ රේඛාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතු හෙයිනි.

තව කියවන්න..
ඔබේ විවාහය සිදුවන්නේ මෙහෙමයි

May, 2022 bychathura

විවාහය, විවාහ සහකරු හෝ සහකාරිය සහ ඇතිවන සම්බන්ධය පිළිබඳව කේන්ද්‍රයේ 7 වන භාවයෙන් දැන ගත හැකි වේ. 7 අධිපතියා, 7 වැන්නේ සිටින ග්‍රහයන්, 7 අධිපති සමග සිටින ග්‍රහයන්, 7 අධිපති සිටින නවාංශකයේ අධිපති, 7 වැන්න පෙනෙන ග්‍රහයන් සහ චන්ද්‍රයාගෙන් 7 වැන්නේ සිටින ග්‍රහයන් ගැන බැලීමෙන් විවාහය ගැන තොරතුරු දැන ගත හැක. ඒ ලෙසින්ම කුජ හා සිකුරු යන ග්‍රහයන්ගේ පිහිටීම ගැන බැලීම ද වැදගත් වේ.

තව කියවන්න..