or Share On:

මෙම පොරොන්දම් ගැලපීම විවාහයට සුදුසු ද නැද්ද? විවාහ දෝෂ හා වැඩිදුර පරීක්ෂාවක් සිදුකර තීරණය කරන අංගසම්පූර්ණ පොරොන්දම් පරීක්ෂාව සදහා

* ඔබගේ මෙම කේන්දරයට හොදින්ම ගැලපෙන මංගල යොජනා ක් අප සතුව ඇත.


පොරොන්දම් විස්සෙහි තේරුම - 20 Porondam Meanings.( Marriage Compatibility Check)

1. Nakath Porondama

The Nakath porondama is checking the compatibility of interpersonal relationship, attitudes and life goals of a couple.
පොරොන්දම් පරික්ෂාවේදී ප්‍රථමයෙන් සලකා බලෙන්නේ නැකත් පොරොන්දමයි. නැකත් පොරොන්දම මගින් දෙදෙනා අතර අන්‍යෝන්‍ය සම්භන්ධතාවය,ආකල්ප, ගති පැවතුම් හා ජීවිතය පිළිබඳ දැක්ම යන කාරණා වල ගැලපීම සලකා බලනු ලබයි.

2. Gana Porondama

Gana Porondama is about the matching of behavior and personality of both male and female.
ජෝතිෂ්‍යයේ ප්‍රධාන වශයෙන් දේව, මනුශ්‍ය, රාක්ෂ ලෙස ගණ වර්ග තුනක් ඇති අතර මෙම පොරොන්දම මඟින් ස්ත්‍රියගේ හා පුරුෂයාගේ අභ්‍යන්තර ගති පැවතුම් හා පෞරුෂත්වය යන කාරණා සසඳා බලනු ලැබේ.

3. Mahendra Porondam

Mahendra porondam is about the fertility, health and life expectation of a couple.
විවාහයෙන් පසු නීරෝගී දරු සම්පත් සහ දීර්ඝායුෂ ලැබෙද යන්න මෙමගින් විමසා බැලේ.

4. Sthree Deerga Porondama

It explains whether the marriage life is peaceful or full of conflicts.
ස්ත්‍රී දීර්ඝ පොරොන්දම මඟින් විවාහයෙන් පසුව එකිනෙකාගේ බැදීම,සතුට සමාදානය පිළිබඳ විමසනු ලබයි.

5. Yoni Porondama

It is about the physical compatibility of a couple and interpersonal peace.
යෝනි පොරොන්දම් පරීක්ෂාවේදී පුද්ගලයන් යෝනි වලට වර්ග කොට ඇත.ඔවුන් අතර මිතුරු සහ සතුරු බව අනුව එකිනෙකාගේ කායික ගැලපීම/නොගැලපීම පෙන්නුම් කරයි.

6. Rashi Porondama

It compares the similarity of thoughts, habits and personal qualities of a couple.
මෙමඟින් දෙදෙනාගේ සිතැඟි, පුරුදු හා පුද්ගල ගුණාංග ගැලපීම පරීක්ෂා කරන අතර මෙය ගැලපීමෙන් සමාන අදහස් හා සමාන ගුණාංග ඇති බව නිගමනය කල හැක.

7. Raashyadhipathi porondama

It means the similarity of the thoughts in their minds and how they reacts to the outside society.
මෙහිදී දෙදෙනා සිතන ආකාරය හා එකට එකතු වී යම් කටයුත්තක් සිදු කිරීමේ හැකියාව පිළිබඳ ගැඹුරින් පරික්ෂා කරනු ලබයි.

8. Vashya Porondama

Vashya porondama is checking attraction between the partners.
වශ්‍ය පොරොන්දමෙන් පරික්ෂා කරනු ලබන්නේ වසඟ බව නැතහොත් එකිනෙකා කෙරෙහි ආකර්ෂණයයි.මෙය සුභ වීමෙන් දෙදෙනා අතර ආකර්ෂණය ජීවිත කාලය පුරාම පවතී යැයි අපේක්ෂා කෙරේ.

9. Rajju Porondama

This explains the success of the physical relationship of the couple.
මෙම පොරොන්දම මඟින් ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ කායික ගැලපීම හා භෞතික ශාරීරික සබඳතාවයේ ශක්තිමත් බව විමසා බලනු ලැබේ.

10. Vedha Porondama

It explains the strength of the bond between the couple.
මෙම පොරොන්දම මගින් දෙදෙනා අතර ඇති සබදතාවයේ ශක්තිමත් බව පරීක්ෂා කෙරේ. එම සබදතාව ඉතා ශක්තිමත් සහ ලෙහෙසියෙන් බිද දැමිය හැකි එකක්ද නැද්ද යන්න විමසා බැලේ.

11. Wruksha Porondama

Wruksha porondama checks the physical strength to have children.
වෘක්ශ පොරොන්දම මඟින් දෙදෙනාගේ දරු ඵල ඇති කිරීමට හේතු වන ධාතු ශක්තියේ බල දුබලකම් මැනීම සිදු කරයි. ස්ත්‍රියගේ වෘක්ශය කිරි ගසක් වීම දරු ඵල වැඩි වීමට හේතු වන බව කියැවේ. තවද දරුඵල පරීක්ෂවේදී කෙන්ද්‍රයේ 5වෙන්නාධිපති පිළිබඳ සැලකිය යුතු වේ.

12. Ayusha Porondama

It checks the life expectancy of the partners.
මෙම පොරොන්දමෙන් දෙදෙනාගේ ආයුෂ පිලිබදව පරීක්ෂා කරන අතර දෙදෙනා උපන් නැකත් පාදක කර ගනිමින් ගණනය කිරීම සිදු කෙරේ.මෙහිදී පුරුෂයාට ලැබෙන අගය ස්ත්‍රීයට ලැබෙන අගයට වඩා වැඩි විය යුතු වේ.

13. Pakshi Porondama

It checks whether the two partners are friendly or enmity.
මෙහිදී උපන් නැකතට අනුව ඔබට අයත් පක්ෂියාගේ ගැලපීම අනෙකා සමඟ පරික්ෂා කරනු ලබන අතර මෙයින් අදහස් කරන්නේ දෙදෙනා අතර ඇති සමඟි බවයි. මෙම පක්ෂීන් ඔවුනොවුනට මිතුරු නම් ශුභ වන අතර සතුරු නම් අශුභ වේ.

14. Bhootha Porondama

Bhootha porondama compares the combination of basic components of the male and female.
මෙම පොරොන්දම මගින් ස්ත්‍රී හා පුරුෂ ශරීර වල පංච මහා භූතයන්ගේ ගැලපීම පරීක්ෂා කෙරේ.

15. Gothra Porondama

It is to check whether the “gothraya” of the male and female are matching.
මෙහිදී දේදෙනාගේ ජානමය ගැලපීම පරීක්ෂා කරන අතර එකම ගෝත්‍රයන් හිමි දෙදෙනෙකු අතර විවාහය සුදුසු නොවෙනා බව දක්වා ඇත.මෙය ජානමය ගැලපීම/නොගැලපීම ගැන ප්‍රකාශ කරන පොරොන්දමක් නිසා මෙය අශුභ නම් ඔබට වෛද්‍ය පරීක්ෂාවක් සිදුකර වඩා නිවැරදි තීරණයක් ගැනීමේ හැකියාවක් දැන් පවතී.

16. Varna Porondama

It is about comparing the status of the couple.
වර්ණ පොරොන්දම මඟින් දෙදෙනා අයත් වන කුල අනුව දෙදෙනාගේ ගැලපීම පරීක්ෂා කෙරේ

17. Linga Porondama

Linga porondama checks whether the person is masculinity, feminity, or neutral and success of sex life.
මෙහිදී නැකත අනුව දෙදෙනා අයත් වන ලිංගය තීරණය වන අතර ඒවායෙහි ගැලපීම මෙහිදී සළකා බැලේ. මෙහි ස්ත්‍රිය ස්ත්‍රි ලිංග වීමත් පුරුෂයා පුරුෂ ලිංග වීමත් ඉතා සුභ අතර දෙදෙනාම ස්ත්‍රී ලිංග වීමත් සුභ වේ.

18. Naadi Porondama

Naadi porondama determines the compatibility of blood between the partners.
මෙමගින් දෙදෙනාගේ නාඩි ශක්තිය පිලිබදව පරීක්ෂා කෙරෙන අතර වා, පිත් සහ සෙම් යන තුන් ආකාරයකට වර්ග කරයි. ඒ අනුව බලා දෙදෙනාගේ වාත, පිත් සහ සෙම් කෝප වීම එක වර සිදුවීම හා ඒ අසනීප උග්‍ර වීමට හේතු යෙදේ දැයි මෙහිදී සලකා බැලේ.

19. Dina Porondama

It is about the economic wellbeing, good health and prosperity in marriage life.
මෙම පොරොන්දම මඟින් දෙදෙනා උපන් දිනයන් වල ගැලපීම පරීක්ෂා කරන අතර සතියේ එක් එක් දිනයන් සදහා වෙන වෙනම එහි බලපෑම යෙදෙන ආකාරය වෙනස් වේ.

20. Graha Porondama

It is to check the matching of each other’s planet positions
මෙම පොරොන්දම මගින් ඔවුනොවුන්ගේ ක්‍රියාකාරකම් වලින් සහ ඉරණමේ හෝ කර්මයන්ගේ බලපෑම දෙදෙනාට අන්‍යෝන්‍ය ලෙස බලපැමේදී ඇතිවන ප්‍රථිඵල පිළිබඳව පරීක්ෂා කෙරෙන අතර මෙහිදී දෙදෙනාගේ පවතින ග්‍රහ තත්වයන් ගේ බලපෑම පරීක්ෂා කිරීම සිදුවෙයි.

සම්පූර්ණ පොරොන්දම් වාර්ථාවක් ලබා ගැනීම